පරලෝසැපත් දෙමාපියන්ට පිං පිණිස ළදරු ඇඳන් පරිත්‍යාග කිරීම 2017-05-09 උදෑසන ඇල්පිටිය මූලික රෝ්හලේ පස්චාත් ප්‍රසූත ඒකකයේදී සිදු කරන ලදී.
මෙම පරිත්‍යාගය ආදරණීය මෑණියන් සේවය කළ ස්ථානයටම ලබා දීමට හැකිවීම සතුටට කරුණක්.
මෙම කටයුත්ත සම්බන්ධීකරණය කර දුන් ඇල්පිටිය මූලික රෝහලේ Chaminda Bandarigoda මහතා ඇතුළු සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයටත්, මෙම ළදරු ඇඳන් මනාව නිමවාදුන් ඇල්පිටිය ගොඩගේ සුදුයකඩ නිමවුම් ආයතනයටත්, ඇල්පිටිය බින්දු කුශන් වර්ක්ස් ආයතනයටත් ස්තුති වන්ත වෙමු.
මීට විසි පස් වසරකට පෙර අප අතරින් සමුගත් ආදරණීයයන් සිහිපත් කර, මාකලන්දාව උපේක්ෂා වැඩිහිටියන්ගේ මහගෙදරදී පැවැත්වූ පින්කම් මාලාව.
විශේෂ ස්තුතිය වික්‍රම රන්දුණුගේ මහතා, ජන උපේක්ෂා ප්‍රජා සත්කාර සංවිධානය, උපේක්ෂා වැඩිහිටියන්ගේ මහගෙදර, යථා රූ කලා සංගමය, මාකලන්දාව ප්‍රදේශවාසීන් ඇතුළු නන් අයුරින් සහය දැක්වූ සැමට...
ඡායාරූප Jana Upeksha Praja Sathkara Sanwidhanaya
නේවාසික වැඩිහිටියන්ගේ පුද්ගලිකත්වය රැකෙන පරිදි මුහුණු අදුරු කර ඇත.